රුහුණ සම සෞඛ්‍ය පීඨය යළි විවෘත කරන්නැයි සත්‍යග්‍රහයක්


( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා )

රුහුණ විශ්ව විද්‍යාලයේ ගාල්ල උළුවිටිකේ පිහිටුවා ඇති සම සෞඛ්‍ය විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබීමට එරෙහිව සහ එම පීඨය නැවත වහාම විවෘත  කරන ලෙසට පාලනාධිකාරියට බලකරමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය අද (21) එම පීඨය ඉදිරිපිට අටවා ගත් අට්ඨාලයක නැගී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර සම සෞඛ්‍ය පීඨයේ ප්‍රධාන දොරටුව අසළට එක්වූ සිසු සිසුවියන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන  විරෝධතාවයකද නිරත වූහ.