(උපාලි ආනන්ද)
අනුරාධපුර නව නාගරික කොමසාරිස්වරයා ලෙස රුවන් විජේසිංහ මහතා පත් කරනු ලැබ සිටී.
ඔහු මෙම තනතුරට පත්වීමට පෙර උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස රාජකාරි කරමින් සිටි අතර ඔහු කලක් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප‍්‍රාදේශීය ලේකම්වරයා ලෙසද රාජකාරි කළේය.
මේ අතර මෙතෙක් කලක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස රාජකාරි කළ අජන්ත ගුණවර්ධන මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර ඒ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසය.
අජන්ත ගුණවර්ධන මහතා වසරකුත් මාසයක පමණ කාලයක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරය හෙබවීය.
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම් සහ පත්කිරීම් සිදුකර තිබේ.