(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර සුපිරි වෙළෙඳ සැලක් අසල දී රුපියල් 60,000 ක් පමණ වටිනා හොරොයින් මත්කුඩු පැකට් සමඟ කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත්බව වැලිකඩ පොලිසිය කියයි.
එම සැකකාරිය සමඟ මත්කුඩු පැකට් 60 ක් , රුපියල් 38,000 ක මුදලක් , පරිගණක දෙකක් , ටැබ් යන්ත්‍ර දෙකක් හා ජංගම දුරකථන තුනක් පොලිස් බාරයට ගෙන ඇත.
වැලිකඩ පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය රැගෙන ආ මත්කුඩු පැකට් එකක් රුපියල් 1000 මිලකට අලෙවි කරන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.