රියදුරු බලපත්‍රය උදුරාගෙන පළාගිය තරුණිය අත්අඩංගුවට


( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පිළියන්දල පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ  බාරයේ තිබු  තාවකාලික රියදුරු බලපත්‍රයක්  පැහැරගෙන  ත්‍රිරෝද රියකින් පලා යාමට උත්සාහ කළ තරුණියක් අද (06) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
 කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට  යොමු වන විදුලි සංඝා පද්ධතිය අසළ රථ වාහන රාජකාරියේ යෙදී  සිටි පොලිස් කොස්තාපල් 78966 ජයසිංහ මහතා  මාර්ග සංඥා නොතකමින් යතුරු පැදියක් ධාවනයේ යෙදෙන අයුරු දැක එය නවතා ගෙන ඇත.
 
යතුරුපැදියේ ගමන් කළ තරුණියට ඇය සිදුකළ වරද පැහැදිලි කර දී රියදුරු බලපත්‍රය  රැගෙන තිබේ. එම අවස්ථාවේදී එය කොස්තාපල්වරයාගෙන් උදුරාගත් එම තරුණිය මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රියක් නවත්වා පළා යෑමට උත්සාහ කරද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.