රිය අනතුරින් මව-පුතා මරුට


 ( ඔගස්ටින් ප්‍රනාන්දු )

හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ  මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි අද ( 15 ) අලුයම් කාලයේ දි යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් තරුණ පුතෙකු හා ඔහුගේ මව මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කටාන බටහිර කළුවාඉරිප්පුව ප්‍රදේශයේ විසු රාජපක්ෂ වැයිහේනගේ දොන් නිපුන් චාමර ( 23 ) හා ඔහුගේ මව වන වෙදමුණි නිලමෙලාගේ දෝන චන්ද්‍රිකා ප්‍රියන්ති  පෙරේරා ( 54 )  නමැති මවකි.

සැමියා පුතු හා මව අනුරාධපුරයේ සිටි කටාන බටහිර කළුවාඉරිප්පුව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දි මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දි එක්වරටම නොසිතු ලෙසින් පාරෙන් ඉවතට පැන අසල වු විශාල ගසක වැදි  කාලයේ දි  අනතුරකට භාඡනය වි ඇති බව පොලිසියට දැන ගැනීමට ලැබි ඇති බව කියයි.

ඒ අනුව වහාම පොලිසිය සිද්ධිය වු ස්ථානයට ගොස් තුවාල ලබා සිටි දෙදෙනා හලාවත දිස්ත්‍රික් මහ රෝහල කරා ගෙන ගිය බවත් කියයි.

රෝහලේ වෛද්‍ය වරුන් තුවාලකරුවන් දෙදෙනා පරික්ෂා කළ විට ඔවුන් මිය ගොස් තිබු බව දැන්වු බවත් කියයි.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පැතුම් කුමාර මහතාගේ උපදෙසින් රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි.