(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල කැස්බෑව මාකන්දන ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් සහ යතුරු පැදියක් අද (4 )පෙරවරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හොරණ අඟුරුවාතොට පාර ප්‍රදේශයේ පදිංචිව සිටී නුවන් සම්පත් නැමැති 25 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා යතුරුපැදියෙන් බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙමින් සිටියදී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ජීප් රථය මාකන්දන ප්‍රදේශයේ දී එකවරම මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් යතුරු පැදියේ ගැටි අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදු වූ වහාම එම ස්ථානට එක්රැස් වූ ප්‍රදේශවාසීන් ජීප් රථයට යතුරු පැදියත් සමඟ යට වී සිටී තරුණයාව ජීප් රථය උඩට උස්සා පිටතට ගෙන රෝහල් ගත කර තිබූ අතර ඒ වන විටත් තරුණයා මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අනතුරෙන් යතුරු පැදියට ද බරපතළ අලාභ සිදු වී ඇත.
ජීප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.