(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අත්තනගල්ල අලවල මාර්ගයේ දේවින්පැන්න ඇල්ල ප‍්‍රදේශයේදී අද (1) රෝද රියක් අනතුරට පත්වීමෙන් හමුදා සෙබළකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අද (01) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ යල්කල රණවිරු ඇපරල්හි සේවය කළ සාමාන්‍ය සෙබළ 108865 හිගුරක්ගොඩ ගම්උදාව , පුලස්තිගම පදිංචිව සිටි පුස්සැල්ලගෙදර සුමිත් විජයවර්ධන 36 නැමැත්තෙකි.
හමුදා සාමාජිකයන් පිරිස ගලපිටමඩ ප‍්‍රදේශයේ මළ ගෙදරකට සහභාගිවීමට ගොස් නිට්ටඹුව බලා එමින් සිටියදී දේවීන්පැන්න ඇල්ල විහාරස්ථානය අසලදී ති‍්‍රරෝද රිය පාරෙන් ඉවතට පැන ඇළට පෙරළිමෙන් මෙම අනතුරවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ වෙනත් වාහන කිසිවක් මාර්ගයේ ගමන් කර නැති බවද අනාවරණය වී තිබේ.
ඇළ මාර්ගයේ වතුර තිබී නැතැයිද එහිවූ ගල් කුලූවල ගැටීමෙන් පිරිස තුවාල ලබා ඇතැයිද පොලිසිය සදහන් කරයි.
අනතුරට ලක්වූ ති‍්‍රරෝද රිය පෞද්ගලික එකක් වන අතර තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.