රිය අනතුරකින් හමුදා සෙබළු තිදෙනෙක් රෝහලේ


(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල නිකපොත කුමාර තැන්න   ප්‍රදේශයේ දී හමුදා ටක් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළු තිදෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව පොලිසිය කියයි.

ජනපති  ගමින් ගමට වැඩසටහන යටතේ කෙරෙන ඉදිකිරීම් කටයුත්තක් සඳහා එමින් සිටි සෙබළුන් පිරිසක් ගමන්ගත් ට්‍රක් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

තුවාල ලැබූ තිදෙනාගෙන් එක් අයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දියතලාව  යුද හමුදා කඳවුරට අනුයුක්ත සෙබළුන් පිරිසක් මෙසේ තුවාල ලබා තිබේ.