රිය අනතුරකින් යාචකයෙක් මරුට



(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර මාකට් පෙදෙසේදී කැබ් රථයක ගැටීමෙන් තුවාල ලැබූ යාචකයෙකු අද(07) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නගරයේ ජීවත් වූ යාචකයෙකි.
 
ඔහු පිළිබදව මෙතෙක් තොරතුරක් අනාවරණයවි නොමැත.
 
මෙම යාචකයා ඊයේ(06) රාත්‍රියේ කැබ්රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.
 
කැබ්රිය ධාවනය කළ යක්කල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.