රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරුට


(ක.ග.කරුණාරත්න)
 
පොළොන්නරුව හතමුණ හරහා හිඟුක්ගොඩ මාර්ගයේ නයිපෙන විහාරය අසලදී අද(17) යතුරු පැදියක් සහ මෝටර් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මරුමුවට පත්වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ පොළොන්නරුව, බැඳිවැව, සමුද්‍රගම,  අංක 59 ලිපිනයේ පදිංචි කේ.ඩී.ජයන්ත වීරසේන නැමැති 55 හැවිරිදි දෙදරු පියෙකි.
 
හෙතෙම මාර්ග සංවර්ධන අධිකාරියේ සහකාර ඉංජිනේරුවරයෙකු බවද හෙළි වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
 
යතුරුපැදියේ ගැටුණු මෝටර් රථයේ රියැදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.