(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ, නාච්චිකල්ලිය ප්‍රදේශයේදී අද(11) ත්‍රී රෝද රථයක් ලොරියක ගැටීමෙන් කාන්තාවක මිය ගොස් පුද්ගලයකු සුළු තුවාල ලබා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන්ගත් කාන්තාවක වන අතර රිය පැදවූ ඇගේ පුතු තුවාල ලබා තිබේ.
පාලවිය සිට කල්පිටිය දෙසට ගමන් ගනිමින් තිබූ ලොරි රථය ධාවන වේගය අඩු කළ අවස්ථාවේ පසු පසින් පැමිණි ත්‍රී රෝද රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව එහි ගැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ තලවිල පදිංචි වර්ණකුලසූරිය මල්ලිකා කුසුම් ශ්‍රියාණි නමැති 40 හැවිරිදි තිදරු මවකි.
ත්‍රීරෝද රථය පැදවූ 18 හැවිරිදි තරුණයා කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
රිය අනතුරකින් මව මරුට: පුතු රෝහලේ
Recommended Articles