රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට


(අශෝක තිලකරත්න)
 
අම්බලන්තොට වලවදී  අද(04) උදෑසන යතුරුපැදියක් සහ  බස්  රථයක් එකිනෙක   ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පොලිස්  කොස්තාපල්වරයෙකු මියගොස් ඇතැයි  අම්බලන්තොට පොලිසිය  පවසයි.
 
අනතුරෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට රොටවල  පදිංචි හම්බන්තොට පොලිසියට අනුයුක්තව සේවය කරන ඩී.එච්.ජයසේන(45110) නැමති කොස්තාපල්වරයෙකි.
 

කොස්තාපල්වරයා යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.


 හදිසි මරණ පරීක්ෂණය අද පෙරවරුවේ බස්නාහිර වළකඩ හදිසි මරණ පරීක්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින්  පැවැත්වීමට නියමිතය.  
 
අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.