රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ


(ක. ග. කරුණාරත්න)
 
බකමූණ, අත්තනකඩවල, යාය 23 ප්‍රදේශයේදී මෝටර් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙකු මිය ගොස්, රථයේ රියදුරු හා කාන්තාවක තුවාල ලබා ඇතැයි බකමූණ පොලිසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ බකමූණ දිග්ගල්පිටිය පදිංචි අලුත්ගෙදර අසේල සම්පත් අමරසූරිය යන 23 හැවිරිදි පුද්ගලයෙකි. 
 
විවාහ මංගල උත්සවයකට සහභාගිවී ආපසු නිවෙස බලා යමින් සිටි එකම පවුලේ 05 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ. 
 
රියදුරුට නින්දයාම හෝ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට ධාවනයවී අසළ තිබූ ගසක හැපී අනතුර සිදුව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි. 
 
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. 
 
බකමුණ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.