(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා හා සුමතිපාල දීයගහගේ )
ගාල්ල මාතර මහා මාර්ගයේ මිහිරිපැන්න ප්‍රදේශයේදී අද (25) අලුයම පාපැදියක ගැටී පාපැදිකරු මරුමුවට පත් කළ රියදුරෙකු පලා ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ තල්පෙ තැඹිලිගස්කොරටුව පදිංචිව සිටි වල්ගමගේ ඉසුරු නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
උණවටුනේ සංචාරක හෝටලයක සේවය කරන මොහු සේවා කටයුතු නිම කොට අද අලුයම හෝටලයේ සිට පාපැදියකින් නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
පලා ගොස් ඇති වාහනය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.