(කුරුණෑගල චාන්දනී දිසානායක)
කුරුණෑගල මුත්තෙට්ටුගල දී අද (04) සිදු වූ රිය අනතුරකින් දෙදරු මවක් මියගොස් ඇත.
ඇය වඩුගෙදර ප්‍රදේශයේ පදිංචි අයි.ජී.චන්ද්‍රාවතී වන අතර, ඇය තම ස්වාමිපුරුෂයා සමග කුරුණෑගල සිට දඹුල්ල පාරේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් යට කරගෙන යාම නිසා මෙම අනතුර සිදුව ඇත. කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇත.
රියදුරුගේ අපරික්ෂාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල පොලීසිය විසින් සිදු කරනු ලබයි .