(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය-හැටන් මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් පතන මංසන්ධියේදී බස් නැවතුම්පළක තිබූ කණුවක ගැටී අද (13) සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුල-පතන පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු, බස් රථයක් බලාපොරොත්තුවෙන් බස් මගී ආවරණය තුළ රැඳී සිටි පාසල් සිසුන් තිදෙනෙකු හා කාන්තාවක අනතුරින් තුවාල ලබා තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබු සියලු ම දෙනා ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු දැඩි ලෙස තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
ආගරපතන ප්‍රදේශයේ සිට කොටගල නගරයට යමින් තිබු මෙම ත්‍රි රෝද රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව තිබේ.