(ඩී. කේ. රත්න)
තණමල්විල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ තණමල්විල කිවුල්ආර ප‍්‍රදේශයේදී අද (3) ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇතයි තණම්විල පොලීසිය පවසයි.
කල්මුණේ කාත්තන්කුඩි මධ්‍යම පාර ප‍්‍රදේශයේ පදිංචි එම්. පී. මොහොමඞ් ලාපීර් නැමති පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.
වැල්ලවාය ප‍්‍රදේශයේ සිට තණමල්විල ප‍්‍රදේශයට ධාවනයවෙමින් තිබූ ලොරි රථයක් පිටුපසින් ධාවනය කළ තවත් ලොරි රථයක් හැපීමෙන් පිටුපසින් ධාවනය කළ ලොරි රථයේ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය තනමල්විල දිසා රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ අනෙක් ලොරි රථයේ රියදුරු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.