(සුදත් පුබුදු කීර්ති ඩබ්ලිව් .ඩී.එමිි. විතාන )
අළුබෝවිල මාර්ගයේ සිදු වු රිය අනතුරකින් තරුණයෙකු හා තරුණියක මරණයට පත් වී ඇතැයි පොලීසිය කියයි.
දෙල්ගොඩ අළුබෝවිල මාර්ගයේ දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගණය අසල මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයා එම ස්ථානයේදීම මරණයට පත්ව යතුරු පැදිය පිටුපස ගමන් කළ තරුණිය රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය කියයි .
අළුබෝවිල සිට දෙල්ගොඩ දෙසට ධාවනය වු යතුරු පැදියක හා දෙල්ගොඩ දෙස සිට අළුබෝවිල දෙසට පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි .