රැකියා ස්ථීර කරන්නැයි ඉල්ලා කුරුණෑගල උද්ඝෝෂණයක්


 
(පුෂ්පකුමාර ජයරත්න )

පොරොන්දු වූ ආකාරයට වසරක පුහුණු කාලය අවසන් වීමෙන් පසුව තම රැකියා ස්ථිර කර දෙන ඉල්ලමින් 2019 වසරේ රැකියාලාභී උපාධිධාරී එකමුතුවේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (21) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
 
වත්මන් රජය පොරොන්දු වූ ආකාරයට නියමිත දින සහිතව තම සේවය ස්ථිර කරදී රාජ්‍ය සේවකයින්ට හිමි වරප්‍රසාද තමන්ටද ලබා දෙන ලෙසත් තමන්ට තමන්ට හිමි විය යුතු ප්‍රසූත නිවාඩුව කප්පාදු නොකරන ලෙසත් ඉල්ලමින් ඔවුන් උද්ඝෝෂණයෙහි නිරත වූහ.
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර් යාල වල සේවය රැකියාලාභී උපාධිධාරීන් දහසකට ආසන්න පිරිසක් අසනීප නිවාඩු දමා උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ