(පාලිත ආරියවංශ , ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලක් වංචා කළ බවට සැකපිට පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
සැකකරු පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් ලෙස ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරි කරමින් සිටියදී පළාත් සභා රියදුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව මෙම වංචාව කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඌව ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ලිපිශීර්ෂ සහ නිලධාරීන්ගේ තනතුරුවලට අදාළ ව්‍යාජ නිල මුද්‍රාද භාවිත කර ඇති බවත් ඌව පළාත් සභාව මගින් පාලනය වන පාසැල්වල මුරකරු, පුස්තකාල සහායක, කම්කරු, රසායනාගාර සේවක යන පත්වීම් ලබාදෙන බවට පත්වීම් ලිපි පවා නිකුත් කර තිබූ බවත් පොලිසිය පවසයි.
සැකකරුට මුදල් ලබාදුන් පුද්ගලයන් තිදෙනෙකු විසින් බදුල්ල පොලිසිය කළ පැමිණිලිවලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Recommended Articles