ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ගේ උත්තරීතර මාසය වන රාමදාන් උපවාස මාසය බදාදා (07) නිම වීමත් සමඟ සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල වෙසෙන සියලු ජනතාවට දින ගණනාවක නිවාඩුව ලබා ගැනීමට හැකිවී තිබේ.
විශේෂයෙන්ම බොහෝ මුස්ලිම් බැතිමතුන් තම ආගමික කටයුතු වලට මුල් තැනක් දෙමින් උම්රා වන්දනාවේ යෙදෙන අතර අනිකුත් ජාතින් බොහෝ විට විනෝද ගමන් බිමන් යාමට පෙලබෙනු දක්නට ඇත.
සෞදි අරාබියේ වෙසෙන පිරිස් මේ දිනවල රටේ සුන්දරත්වයෙන් සහ පෞරාණික වටිනාකමින් යුත් ප්‍රදේශ වන අභා, ජිසාන් රතු මුහුද ආශ්රිත ප්‍රදේශ මෙන්ම අපි පොත පතෙන් අසා ඇති අලි බබා සහ හොරු හතළිහ කතාව මුලික කරගත් අල හසා ප්‍රදේශය නැරඹිමට ද බොහෝ විදේශිකයෝ මෙන්ම ශ්‍රී ලාංකිකයෝ ද පෙළඹෙනු බව දැක ගත හැකිය.
තවත් විදේශිකයෝ තම හැකියාව මත සුඛෝපභෝගී ලෙස කාබී විනෝද වීම සදහා බහරේනය, ඩුබායි වැනි නිදහස් රටවල සංචාරය කිරීම සුලබ කරුණක් වන තරම අතේ පිච්චියක් නැති සාමාන්‍ය පන්තියේ කම්කරු ජනතාව තම කාමර වලට වී සුදු වතුර ටිකක් පානය කරමින් එකිනෙකා තම අහිංසක ජීවිතය සතුටින් භුක්ති විදිනු දක්නට ඇත.