(ජුඩ් සමන්ත)
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් ද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් ද අද(23) අලුයම විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන්නැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
රාජාංගන ජලාශයෙන් මුදා හැරෙන ජලය කලාඔයට එකතුවීම නිසා එහි ජල මට්ටම ද ඉහළ ගොස් ඇත.
මේ නිසා පුත්තලම - මන්නාරම පැරණි මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇත.
එළුවන්කුලම සපත්තුපාලම මතින් අඟල් 32ක ජල ප්‍රමාණයක් ගලා යන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඡායාරූපය - දයාරත්න ඇඹෝගම ( රාජංගනයේ වාන් දොරටු හැරීම )