රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීහු උද්ඝෝෂණයක


(ඩී. ජී. සුගතපාල)

 
කළමනාකරන සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් ඉල්ලීම් 13ක් මුල්කර ගනිමින් අද (24)දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.‍
 
ශ්‍රේණිගත උසස්වීම් තරග විභාග ක්‍රමය යළි ඇති කිරීම, රාජ්‍ය කළමනාකරන නිලධාරී නිල නාමය ලබාදීම, විදේශ පුහුණුවීම් සඳහා අවස්ථාව ලබාදීම, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිලධාරීන් සඳහා පුහුණු ආයතනයක් පිහිටුවීම, 2016.01.01.දින සිට අත් හිටුවා ඇති රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අයිතිය නැවත ලබා දීම ඇතුළු ඉල්ලීම් 13ක්  මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී.
 
ගාල්ල නගරය සහ අවට සියලු රාජ්‍ය ආයතනවල කළමනාකරණ සහකාරවරු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.