(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිළධාරීණියට, සමෘද්ධි සංවර්ධන නිළධාරිණියට,ආර්ථික සංවර්ධන නිළධාරීවරයාට සහ කෘෂි පර්යේෂණ සහකාර නීළධාරිවරයාට බැණවැදී තර්ජනය කොට, ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් , පුද්ගලයෙකු සහ කාන්තාවක අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.
සැක කරුවන්, වයස අවුරුදු 40ක් වන පුද්ගලයෙකු සහ ඔහුගේ නැගණියවන 36 හැවිරිදි දෙදරු මවකි.
ඔවුන් දෙදෙනාම නාරක්කල්ලිය ග්‍රාම සේවා වසමේ පදිංචිකරුවන් වෙති.
සැක කාර කාන්තාවගේ සැමියා වනාත විල්ලුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයා බැව් පොලිසිය පවස යි.
නාරක්කල්ලිය ග්‍රාම නිළධාරී කාර්‍යාලයේ සේවයේ නිරතව සිටියදී, රුපියල් පන්දහසේ දීමනාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් පදනම් කර ගනිමින්, අදාළ නිළධාරීන්ට,සැක කරුවන් විසින් මෙසේ බැන වැදී තර්ජනය කොට ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි.