රාගම පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්


(ප්‍රසංග පෙරේරා සහ සරත් චින්තක)
 

ප්‍රාදේශීය සභාවේ සේවකයින්ගේ ආරක්ෂාව අනතුරේ දැම්මැයි ද සදහන් කරමින් විරෝධතාවයක් රාගම නගර මධ්‍යයේ දී අද (26)  පැවැත්විණි.
 
ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය සේවකයකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ අයට අධිකරණයෙන් නිසි දඬුවම් ලබා දීමට රාගම පොලීසිය ක්‍රියා නොකළැයි මෙලෙස විරෝධතාවයේ නිරතවූහ.
 
රාගම නගරයේ ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමරයක පවත්වාගෙන යනු ලබන මස් කඩයක හිමිකරුවන් ටෙන්ඩර් පටිපාටියට පටහැනිව එම කඩය පවත්වාගෙන යන බවත්, එම කඩ කාමරය නැවත ප්‍රාදේශීය සභාවට ලබා ගැනීමට යාමේදී එහි හිමිකරුවන් ප්‍රාදේශීය සභා සේවකයන්ට තර්ජනය කිරීම කළැයි පවසා තිබේ.
 
උද්ඝෝෂණයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබූ අතර පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රශ්න ගත මස් කඩයට ප්‍රාදේශීය සභා සේවකයින් විසින් මුද්‍රා තැබීය.