රන්මාල කැඩු හමුදා භටයා අත්අඩංගුවට



 
 
(දයාරත්න ඇඹෝගම)
 
කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කඩා පැහැර ගත් හමුදා භටයකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය දමින්නේගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙකි.


ඔහු මුන්ඩිමුරුක්කු ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන හමුදා භටයෙකි.


සැකකරු අනුරාධපුර සහ මිහින්තලය යන ප්‍රදේශවලදී මහමඟ යන කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කඩාගෙන පලා ගිය අයෙකි.


අනුරාධපුර නගරයේ සවිකර ඇති සිසිටිවි කැමරා දර්ශන උපයෝගි කර ගෙන සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත්වි තිබිණි.


සැකකාර හමුදා භටයා මුදල් ඔට්ටුවට බුරු ගැසීමට ඇබ්බැහි වුවෙකු බවද පොලිසිය පවසයි.


සැකකාර හමුදා භටයා අද (31) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.