රන් බඩු සමඟ අයෙක් කටුනායකින් අල්ලයි


( ටී.කේ.ජී.කපිල )

ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙරට ගුවන් මගියෙකු අද (15)  කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ දහ අට දහස් හත් සිය හැත්තෑ පහක් (1,58,18,775) වටිනා  මෙම  ස්වර්ණාභරණ  රැගෙන ආ පුද්ගලයා  23 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . 

ඔහු අවුරුදු 02 යි මාස 08 ක කාළයක් ඩුබායි හි සේවය කර ඇති පුද්ගලයෙකි .ඔහු  අද (15)  දින අලුයම 4.50 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

               ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ කිලෝ ග්රෑම් 03 යි ග්රෑම් 13.04 ක් බර ස්වර්ණාභරණ තොගයක් සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.