රන් තැඹිලි රෝස පාටවෙයි


තාල වර්ගයට අයත් පොල් ගස්වල ප්‍රභේද කිහිපයක්ම දක්නට ඇත. පොල්, කුන්දිරා, තැඹිලි, ගොන් තැඹිලි, රන් තැඹිලි ඒ අතර වේ. රන් තැඹිලි හැරුණු විට අනෙක්වා නිතර දැකිය හැකිය.

රන් තැඹිලිවල ද ප්‍රභේද දෙකක් දක්නට ඇත. සමහර ඒවායෙහි ලෙල්ල කොළ පාටය. සමහර ඒවායේ ලෙල්ල දුඹුරු පාටය. රන් තැඹිලි හඳුනා ගත හැක්කේ එහි ලෙල්ල කැපීමෙනි. එවිට දම් පාටින් යුක්ත නම් එය රන් තැඹිලි වේ.

රන් තැඹිලි තෙල් බෙහෙතට හා ශාන්ති කර්ම වැනි දේ වලට ද යොදා ගැනේ. රන් තැඹිලි තෙල් සිඳ ගැනීමේදී ගෙඩිය බිමට නොකඩා අතේ රැගෙන ඒමත් තෙල් සිඳීම සඳහා නැවුම් මැටි මුට්ටියක් ගැනීමද වැදගත් සේ සලකති.

ශ්‍රී ලංකාවේ පන්සල් වත්තක තිබෙන රන් තැඹිලි ගෙඩියක් කැපූ විට එහි දක්නට ලැබුණේ රෝස පැහැ වර්ණයයි.

web2016118Mietersache-145