(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මොහු කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ .
ඔහු අද (17) අලුයම 1.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විකලාංග රෝගීන් ප්‍රතිකාර සදහා පළදින සායනික ඉනපටියක් පැළද ගෙන ඒ තුළ මෙම කිලෝ ග්‍රෑම් 04 ක් බර , කැරට් විසි හතරේ රන් බිස්කට් 40 ක් සඟවා ගෙන සිටි බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .