රථ වාහන ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3808 ක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)


මුළු දිවයින ආවරණය වන පරිදි  පැය 4 ක් පුරා සිදුකළ  හදිසි සෝදිසි මෙහෙයුමකින්    විවිධ රථවාහන ඇතුලූ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 3808  දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.


 පොලිස්පතිවරයාගේ නියමයෙන්   ආරම්භ කළ මෙම මෙහෙයුම්  ඊයේ  (01)  රාති‍්‍රයේ 10.00 සිට අද (20) අලූයම 2.00 දක්වා  සිදුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර    බීමත් රියදුරන් 1066 ක්,  වරෙන්තුකරුවන් 851 දෙනෙක්,  විවිධ අපරාධ වලට සම්බන්ධ  සැකකරුවන් 823 දෙනෙක්, හෙරොයින් සහ  නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන්  සැකකරුවන් 976 දෙනෙක්,  බලපත‍්‍ර නොමැතිව රජයේ ආරක්කු මුදලට අලෙවි කිරීම, ප‍්‍රසිද්ධි ස්ථානවල මත්පැන් පානය කිරීම,  ඇතුලූ කි‍්‍රයා සම්බන්ධයෙන් පුද්ගලයන් 99 දෙනෙක්, බලපත‍්‍ර නොමැතිව  තුවක්කුවක් ළග තබාගත් පුද්ගයෙන්, හක්කපටස්  ළග තබාගෙන සිටි පුද්ගලයෙක්,  සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම මෙහෙයුමේ පොලිසිය රථවාහන නඩු 5215 ක් ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.