(අජිත්ලාල් ශාන්තඋදය)
කෝවිඞ් ආසාදිතයන් වැඩි ප‍්‍රමාණයක් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස් බල ප‍්‍රදේශ තුනක තවත් ග‍්‍රාම නිලධාරී වසම් හතක් අද පෙරවරුවේ සිට හුදකළා කළ බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 574න් මේ වනවිට වසම් 10ක් හුදකළා කර තිබේ.
ඇඹිලිපිටිය පොලිස් වසමේ පල්ලේගම, උඩගම සහ නව නගරය යන ග‍්‍රාම නිලධාරි වසම් තුනත් පනාමුර පෙලිස් වසමේ සුදුගල, පනාමුර සහ වළල්ගොඩ යන ග‍්‍රාමනිලධාරී වසම් තුනත් වේවැල්වත්ත පොලිස් වසමේ රත්ගම ග‍්‍රාම නිලධාරී වසමත් 05දා පෙරවරුවේ සිට හුදකළා කර තිබේ.