(ඩී.ජී.සුගතපාල)
රත්ගම මොන්රෝවියා වත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට විරෝධය පළ කරමින් අද (28) දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.
ජන ජීවිත හා පරිසර සුරැකීමේ ගොවි එකමුතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ජන ජීවිත හා පරිසර සුරැකීමේ ගොවි එකමුතුවේ කැඳවුම්කරු වන වයි. විජේපාල මහතා පැවසූයේ මෙම කසළ මධ්‍යස්ථානයේ එකතු වන කසළ ප්‍රතිචක්‍රීකරණයක් සිදු නොවන අතර ඒවා පොළව යට දමා වසන බවයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 15ක ළිංවල වතුර අපිරිසිදු වී ඇති අතර කුඹුරු විශාල ප්‍රමාණයක්ද පුරන්වීමට පටන්ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
පැවති අයහපත් කාලගුණයද නොතකා උද්ඝෝෂණය පැවැත්වූ පිරිස පසුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට සන්දේශයක් බාර දීමෙන් පසු විසිර ගියහ.