(සමන් පාලිත නානායක්කාර)
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (29) සවස විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.
ඒ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය ජලයෙන් යට විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි එම මාර්ගය භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින අධික වර්ෂාව නිසා උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතෙන් තත්පරයකට ඝන මීටර් 26 ක ජල ධාරිතාවක් නිකුත් වන බවද උදය කුමාර මහතා පැවසීය.

