රතන හිමියෝ ජනපති උපදේශක තනතුරෙන් ඉවත්වෙති


 
ආරියරත්න රණබාහු
 
එක්සත් ජාතික පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.


කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ඊයේ (28) පැවති ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයේ දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.


ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරි සාමාජිකයකු වශයෙන් කටයුතු කළ රතන හිමියෝ 2004 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී කලුතර දිස්ත්‍රික්කයෙන් ද 2010 පැවති මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද පාර්ලිමේන්තුවට තේරි පත්වු අතර 2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු වශයෙන් පත් කෙරිණී.


රසායනික පොහොර භාවිතයට හා ග්ලයිෆොසෙට් පොහොර තහනම් කිරිම සඳහා විශාල අරගලයක යෙදුණු යතිවරයන් වහන්සේ නමක් ලෙස ද ප්‍රකටය.