රට යවනවැයි පවසා මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට


චන්දන ප්‍රනාන්දු                                
                            
රට රැකියාවක් ලබාදන බව පවසමින් දන්කොටුව ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණයකුගෙන් රුපියල් එක්ලක්ෂ හැත්තාපන් දහසක් ගෙන අතුරුදන්ව සිටි කාන්තාවක්ව අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.         

                                                                                  
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි.


පසුගිය අප්‍රියෙල් මැදපෙරදිග රටක කාර්යාලයක රියදුරු තනතුරකට යවන බව පවසා තමාගෙන් රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙන පසුව එම මෙම කාන්තාව පිළිබඳව කිසිදු තොරතුරක් නැතිවීම සම්බන්ධයෙන් දන්කොටුව ප්‍රදේශයේ තරුණයෙක් දන්කොටුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
                                                                                  
මෙම සැකකාර කාන්තාව තරුණයාව රට යවන බව පවසා මුදල් ගෙන පදිංචි නිවෙසත් අතහැර දමා සැඟව සිට ඇති බවත් භාවිතා කර දුරකතන අංක වෙනස් කර තිබියදී තාක්ෂණික උපක්‍රම භාවිතා කර සැකකාරිය සිටි ඉසව්ව සොයා ගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය කියයි.