(එච්. චන්දන)
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
වෙනත් නඩුවක් සම්බන්ධ සාක්කිකරුවන්ට බැන මෙම ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය සිදු කරන ආකාරය අන්තර්ජාලයේ තිබූ විඩියෝවක් ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව එම පුද්ගලයා පුත්තලම නගරයේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරිණි.
ගිනිඅවිය පුත්තලම මනගුන්ඩු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (10) පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මෙම ගිනි අවිය බොර 12 ගිනි අවියට සමාන විදෙස් රටක නිෂ්පාදිත එකක් බවත් මෙය නිරන්තරව ක්‍රියාකාරී මට්ටමේ තිබී ඇති බවත් , සතුන් දඩයමට හෝ යම් යම් අපරාධවලට යොදා ගන්න ඇතැයි පොලිසිය සැක පළ කරයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා මීට වසර ගණනාවකට පෙර පුත්තලම නගරයේ පොලිස් නිලධාරීයකු කපා කොටා ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී දැනට ඒ පිළිබඳව පුත්තලම මහාධිකරණයේ නඩුවකට අප මත නිදහස්ව සිටින අයෙකි.