(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් සුබ සාධන ගැටලු විසඳා දෙන ලෙසත් ඉල්ලා රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අද (22) අඛණ්ඩ උපවාසයක් ඇරඹුහ.
මෙම කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් සිසුන්ට සාකච්ඡාවක් ලබාදී තිබුණු බවත් ඒ අනුව එහි ගිය සිසුන්ට උපකුලපතිවරයා විදේශ ගතවී ඇති බව සිසුහු පවසති.
ඉන්පසු විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් පසුව අද (22) සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දමා තිබේ.
මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසිය.
සිසු ගැටලු විසදනවා වෙනුවට දේශපාලන වුවමනාවන් මත සිසුන් මර්දනය කිරිමට උපකුලපතිවරයා ඇතුළු පරිපාලනය කටයුතු කරනවා.එම නිසා තම ගැටලු විසඳා දෙන තුරු අඛණ්ඩව සත්‍යග්‍රහණයේ නිරත වීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.