(චමිල් රූපසිංහ)
ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් කිරි ගවයින් මෙරටට ගෙන්වා කිරි ගොවින් , වෙලාඩ් ආයතනය සහ රජය අතර ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි 23 න් 15 ක් කඩවී තිබීම හේතුවෙන් එහි අලාභය ලබා ගැනීම සඳහා අධිකරණයට යන බව පවසමින් ලංකා කිරිගොවිපල හිමයන්ගේ සම්මේලනයේ කිරි ගොවීහු විරෝධතාවයක නිරත වූහ.
ලංකා කිරිගොවිපල හිමයන්ගේ සංගමය සාමාජිකයින්,කිරි ගොවීන් , ඇක්සස් ෆෝසයිඩ් ආයතනය , පශු වෛද්‍යවරුන් , පළාත් අධ්‍යක්ෂකවරුන් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේඛම් සහ වැඩබලන සත්ත්ව සෞඛ්‍ය සහ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කේ.ඩී ආරියපාල හෙට්ටිආරච්චි මහතා අතර අද (31) ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ආයතනයේදී පැවැති සාකච්ඡා අවසානයේ මෙම විරෝධතාවය පැවැත්විණි.
කිරි ගොවින් සඳහා ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් කිරි ගවයින් ගෙන්වා ලක්ෂ 2 ක මුදලකට ගොවින් අතර බෙදා දුන් කිරි ගවයින් 5000 ට ආසන්න ප්‍රමණයෙන් ලබා ගත හැකි කිරි ප්‍රමාණයන් නොමැති බවත් එම සතුන් හට රෝගයන් පැතිරි සතුන් මිය යමින් පවතින බවත් එම නිසා මෙම සතුන් නඩත්තු කර ගැනීමට නොහැකි හෙයින් නැවත මෙම සතුන් භාරගෙන එම සතුන් සඳහා වැය කළ මුදල් ලබා දෙන ලෙස කිරි ගොවීහු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
එක් කිරි ගවයෙකු සඳහා ලක්ෂ 2ක මුදලක් හා යටිතල පහසුකම් සඳහා ලක්ෂ හතරක් පමණ වැය වූ බවත් ලක්ෂ හයක පමණ මුදලක් එක් ගවයෙකු වෙනුවෙන් දරන්නට වූ බවත එම සතුන්ගෙන් රජය හා වෙලාඩ් ආයතනය පැවැසු ආකාරයේ කිරි ප්‍රමාණයක් ලබා ගත නොහැකි වූ බවත් ඔවුහු එහිදී පැවැසූහ.
කිරි ගවයින් මිලදී ගෙන වසර එකහමාරක් පමණ ගතවී ඇතත් ඔවුන්ගෙන් කිසිදු ලාභයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම ව්‍යාපාරය පටන් ගැනීම සඳහා තම ඉඩ කඩම් වාහන ආදිය උගසට තබා බැංකු වලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව දේපල බැංකු වලට සින්න වී යමින් ඇති බවත් රජය මැදිහත් වී වියදම් වූ මුදල් ලබා දෙන ලෙසද ගොවිහු නිලධාරීන්ට පැවැසූහ.