(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ ලිඳුල ඌවකැලේ තේ වතුයායාට මායිම්ව පිහිටි රක්ෂිත කැළෑවක තිබියදී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (19) සොයා ගත් බව ලිඳුල පොලිසිය පවසයි.
මළ සිරුර සොයා ගන්නාවිට බෙහෙවින් නරක් වී දුගඳ හමමින් පැවැති අතර දර කැඩීමට ගිය වතු කම්කරුවෙකු මෙම මළ සිරුර දැක පොලිසියට පවසා තිබේ.
වයස අවුරුදු 20 ත් 35 ත් අතර පෙනුමකින් සමන්විත පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම මළ සිරුර මෙතෙක් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනාගෙන නොමැති බව ලිඳුල පොලිසිය කියයි.
මෙම මළ සිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට (20) සිදු කිරීමට නියමිතව පැවැති අතර සිද්ධිය පිළිබඳව ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.