යුදගනාව වැව් බැම්ම පිළිසකර කෙරේ


 (කේෂර ගුණතිලක)

 
මහ වැසි හේතුවෙන් ‍පසුගිය වසරේ කැඩී ගිය යුදගනාව වැව් බැම්ම පිළිසකර කර නව සොරොව්වක් ඉදිකිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මොනරාගල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් සිදුකෙරෙමින් පවතී. 
 
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා එම ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් එම කටයුතු උසස් ප්‍රමිතියකින් කඩිනමින් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.        

 ඌව පළාත් සභා මන්ත්‍රී එච්. එම්. ධර්මසේන මහතා ද මේ අවස්ථාවට එක් විය.