යුද හමුදාවෙන් මුලතිව්හි කැඩීගිය වැව් පිළිසකර කිරීම අරඹයි


(සිතුම් චතුරංග)

වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ කැඩීගිය වැව් පිළිසකර කිරීම අද (24)  යුද හමුදාව විසින් ආරම්භ කරනු ලැබීය.

එහි ප‍්‍රථම අදියර ලෙස මුලතිව් කයිවේලි මරදමඩු වැවෙහි කැඞී ගිය පිට වාන ඇතුළු ස්ථාන කිහිපයක් පිළිසකර කිරීම යුද හමුදාව විසින් මෙලෙස ආරම්භ කෙරිණි.

වාරි ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත වැලි කොට්ට සහ පස් පිරවූ බෑග් යොදා ආපදාවට ලක්වූ ස්ථාන යළි පිළිසකර කිරීම් සිදුකෙරේ.

වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සින්නසම්පාල්කුලම් , කල්ලූකුලම් වැව් ඇතුළු තවත් කුඩාවැව් කිහිපයකට හානි සිදුවී තිබිණ.

වැව් කැඩියාමත් සමඟ  ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ පවුල් 6520 අයත් පුද්ගලයින් 20737 පීඩාවටපත්ව සිටි අතර අවතැන්වූ පවුල් 1200 අයත් පුද්ගලයින් 3365 දෙනකු සුබසාධන මධ්‍යස්ථාන 13 තුළ රඳවා තවදුරටත් රදවා සිටිති.