යුද හමුදාත් කහ සිටුවයි


(ඉන්දිකා රාමනායක)

කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් කඳවුරු සිය කදවුරු පරිශ්‍රෙය් අක්කර 5 ක භූමි ප්‍රමාණයක කහ බීජ රෝපණය කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් වන “තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියට ” සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් කළ බව යුද හමුදාව පවසයි.

හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන හඳුන්මුල්ල මහතාගේ උපදෙස් මත 1 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී කර්නල් සී.එස් දේමුණි ව්යාෘපෘතිය භාර නිලධාරී සමඟ එක්ව මෙම ව්යාාපෘතිය ක්‍රියාවට නංවා ඇත.