රොමේෂ් මධුෂංඛ
මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත කැලෑවකදී යුද හමුදා සෙබලෙකුට වලසෙකු පහරදීම හේතුවෙන් යුද හමුදා සෙබලා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මුලතිව් පොලීසිය පවසයි.
තන්නිමුරිප්පු රක්ෂිත කැලෑවක් ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරක සෙබලෙකු විසින් අසල පිහිටි කැලෑවට ගොස් ඇති අතර එහිදී එකවරම කඩා වැදුණු වලසෙකු විසින් යුද හමුදා සෙබලාගේ මුහුණට හා හිසට පහර දී ඇති අතර වලසා සමඟ යුද හමුදා සෙබලාද පොරබදා ජීවිතය බේරා ගෙන නැවත යුද හමුදා කඳවුර වෙතට දිව ආවද වලස් ප්‍රහාරයෙන් යුද හමුදා සෙබලාගේ හිස සහ මුහුණ බරපතල ලෙස තුවාල සිදුව තිබිණි.
බරපතල තුවාල ලබා සිටි යුද හමුදා සෙබලා එම අවස්ථාවේදීම මුලතිව් රෝහලට ඇතුළත් කළ අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට මාරු කර යැවූ බවට මුලතිව් රෝහල් ප්‍රකාශකයකු කීය.