යාපනයේ විශේෂ පොලිස් ඒකකයක්



(සිරාජ් හසීම්) 
 
යාපනය  දිසාව තුළ සීඝ්‍රව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා එම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ.
 
හෙරොයින් කේරල ගංජා මාවා නැමති මත්ද්‍රව්‍ය සීඝ්‍ර වශයෙන් ප්‍රදේශය තුළ ජාවාරම් වීම මත මෙම ඒකකය පිහිටුවා තිබේ.
 
මේ ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය මහජන සහාය ද පතා ඇති අතර මෙම ජාවාරම් පිළිබඳ යම් තොරතුරු ඇති නම් ඒ පිළිබඳ මෙකී පොලිස් කණ්ඩායම වෙත දැනුම් දිමට දුරකථන අංකයක්ද  මහජනතාව අතරට ප්‍රසිද්ධ කර ඇත.
 
මේ අනුව ඒ පිළිබද තොරොතුරු 0766093030 යන අංකයට දැනුම් දිය හැක.
 
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර සපයන බවට චෝදනා එල්ල වී ඇති පොලිසියේ ඇතුළු පාර්ශවයන් ගැනද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.