යාපනයේ වැවක මළසිරුරක්


 (රොමේෂ් මධුෂංඛ)
                 
යාපනය පුන්ගන් කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා වැවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
 
පුන්ගන්කුලම්හි වන්නාම් නැමති කුඩා වැවේ මළ සිරුර පාවෙනු දැක ප්‍රදේශවාසීන් විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇත. පොලීසය එම ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන තිබේ.
 
මිය ගිය පුද්ගලයා අවුරුදු 60 ක පමණ වියපත් පුද්ගලයෙකු වන අතර ඔහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 
මළ සිරුර මරණ පරීක්ෂණය වෙනුවෙන් යාපනය රෝහලට රැගෙන ගිය බව යාපනය පොලීසිය වැඩිදුරටත් කියයි.