රොමේෂ් මධුෂංඛ
යාපනය, කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි.
කෝපායි පොලීසිය පැවසූවේ අධික වේගයෙන් ගමන් කොට ඇති යතුරුපැදි දෙකක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමෙන් පසවු එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.
යාපනය කෝපායි උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි නඩරාසා ප්‍රසන්නා නමැති පුද්ගලයෙකි.