(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ නිවසකට අද (19) ආවා කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිවසේ තිබූ වෑන් රථයක් හා යතුරුපැදි දෙකක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට කෝපායි පොලීසිය පවසයි.
මේ අතර අදාළ ආවා ප්‍රහාරය වාර්තා කිරීමට ගිය යාපනයේ ප්‍රචාරය කෙරෙන පෞද්ගලික ටී.වී. නාලිකාවක මාධ්‍යවේදියකු වන නඩරාජා කුගරාජ් නැමැතතාට කෝපායි පොලිස් නිලධාරියෙකු පහර දී තුවාල සිදු කළේ යැයි කියමින් එම මාධ්‍යවේදියා යාපනය මහරෝහලේ 24 වැනි වාට්ටුවේ නැවතී ඇත.
අද (19) දහවල් 1.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් පුද්ගලයින් 6 දෙනෙකු කොකුවිල්හි පිහිටි දෙමහල් නිවසකට ඇතුළු වී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති තිබේ.
නිවසේ උඩු මහලේ කුලී පදනම මත වාහන ලබා දෙන අයෙකු හා ඔහුගේ බිරිඳත් දරුවාත් තවද එහි යට තට්ටුවේ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් හා ඇයගේ මව යන අය පදිංචිව සිට ඇත.