යාපනයේ ධීවරයෙකු උතුරු මුහුදේදී අතරමංවී ඉන්දියාවට ගසාගෙන යයි



 
 
( රොමේෂ් මධුෂංඛ)
                     

යාපනය වඩමාරච්චි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකු උතුරු මුහුදේදී මසුන් අල්ලමින් සිටියදී අතුරුදන්ව ඇති බවට එම ධීවරයාගේ ඥාතීන් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කර ඇත.

උතුරු මුහුදේ පැවති රලු ස්වභාවය හේතුවෙන්  ධීවරයාගේ යාත්‍රාව 24 වනදා මුහුදේ අතරමංව තමිල්නාඩු දෙසට ගසාගෙන ගොස් තිබියදී තමිල්නාඩු වෙරලාරක්ෂක නිලධාරීන් වෙතට හමු වී ඇති බවටද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල ධීවරයා වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විජයමූර්ති කලෙයිචෙල්වන් නැමත්තෙකු වන අතර ධීවරයා මෙරටට ගෙනවා දෙන ලෙසටද ධීවරයාගේ ඥාතිහු ඉල්ලා සිටිති.

මේ දිනවල උතුරු මුහුදේ පවතින් සුලිකුණාටු තත්වයන් හේතුවෙන් මුහුදු ගමන් යාමෙන් වලකින් ලෙසටද උතුරු ධීවරයින්ට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ද ඇත.