රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ උපදෙස් පරිදි චාවකච්චේරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තෙන්මරාඩ්චි ප්‍රදේශයේ අවන්හල් 14 ක් හදිසියේ පරීක්ෂාවට ලක් කෙරිණි.
තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් චාවකච්චේරි, කොඩිකාමම් සහ මිරුසුවිල් යන ප්‍රදේශවල පිහිටි අවන්හල්වල මෙලෙස පරීක්ෂා කරන ලද අතර අවන්හල් 11 ක් සනීපාරක්ෂක ගැටලු රැසක් ඇති ස්ථාන මෙන්ම අපිරිසිදු ආහාර පිළියෙළ කරන ස්ථාන බවට සොයා ගැණිනි.
එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර සහිත අවන්හල් හතරකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලද අතර අවන්හල් 2 ක තිබී සොයාගත් සෞඛ්‍යයට අහිතකර ආහාර විනාශ කර අනෙකුත් අවන්හල් සුදුසුකම් සහිත අවන්හල් බවට පත් කිරීමට කාලය ලබාදෙන ලදී එසේ උපදෙස් නොපිළිපදින අවන්හල් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
මෙම සෝදිසි පරීක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හය දෙනෙකු සමඟ එක් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයකු සහභාගී වූහ.