යාපනය සරසවියේ නවකවදය දුන් 4කගේ පන්ති තහනම්


(ප්‍රදීප් කුමාර)
 
යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමින් නවක වදය ලබාදුන් බවට දැනට හඳුනාගෙන ඇති සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය තීරණය කළ බව යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා මහතා අද( 20) පැවසීය.
 
මෙම පන්ති තහනමට අමතරව අදාළ සිසුන්ට එරෙහිව පවත්නා නීතියට අනුව කටයුතු කරණු ලබන බවද මෙහිදී උපකුලපතිවරයා සඳහන් කළේය.
 
නවකවද දුන් බවට හඳුනාගෙන ඇති සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනකු ශිෂ්‍යයන් වන අතර අනෙක් දෙදෙනා ශිෂ්‍යාවෝ වෙති.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව උපකුලපතිවරයා පැවසීය.